ඉදිරි දින කිහිපයේ සංචරණ සීමා දැඩි කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින කිහිපයේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටී .

කෙසේ වෙතත් රටම වසා දැමීමේ අදහසක් මෙතෙක් නොමැති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

සංචරණ සීමා පැනවූවත් අත්‍යාවශ්‍ය සේවා දිගටම පවත්වාගෙන යාමට බාධාවකින් තොරව පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය .

මේ අතර කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණෙන් නැගෙනහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්මහත්මිය තීරණය කර තිබෙ

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශ වලට ලබාදි තිබේ. මීට අමතරව පලාතේ සියලු නගරවල වෙළදසැල් පස්වරු 06.00 න් පසු වසා දැමීමටත් අත්‍යවශ්‍ය කරුණකට හැරනේනට නගරවලට ඇතුලුවිම වැලැක්විමට පියවර ගන්නැයි ආණ්ඩුකාරවරිය ආරක්ෂක අංශවලට ලබාදුන් නියෝග වල දැක්වේ.

මේ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්වලට මෙම සීමා පැනවෙන අතර මාර්ග බාධක යොදා මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතය.