දිවයිනේ පළාත් 7කට ඉදිරි දින දෙක තුලදී (30 වනදා දක්වා) මිලිමීටර් 200කට ආසන්න වැසි ඇදහැලෙනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව, දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (150-200) ත් අතර ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනාවැකි පළකරති.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩි විය හැක.
තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආපදා අංශ දන්වා සිටියි.