නවතම පුවත්

ඉදිරි මාස කිහිපය තීරණාත්මකයි – IMF

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධ දෙවැනි සමාලෝචනය සිදු කරන දින වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය.

“පළමු සමාලෝචනය අවසන් වුණේ 2023 දෙසැම්බර් මාසයේ. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ මාස 6කට වරක්. ඒ කියන්නේ අපේ කණ්ඩායමක් නැවතත් එනවා ඒ සඳහා…”
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඉදිරි මාස කිහිපය වැදගත් බව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය.

“IMF වැඩසටහන මගින් ඉදිරිපත් කර ඇති වැදගත් කාරණා ඉටුකිරීම සම්බන්ධයෙන් දෙවැනි සමාලෝචනය ඔස්සේ තක්සේරු කරනවා” 

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නිල ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකඟතාව වැදගත් සංධිස්ථානයක් බවයි.

එසේම දේශීය ණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීමත් වැදගත් බව ඔහු පැවසීය.

“දැන් වැදගත් වන්නේ එම එකඟතාවන් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම. ඒ කියන්නේ, නිල ණය හිමියන් සමඟ අවසන් එකඟතාවකට යෑම.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්