ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක්!

Picture of අසංක

අසංක

ලබන සතියේ දී අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍යවල හිගයක් මතුවිය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ වෙළෙදුන්ගේ සංගමය පවසයි.

දින කිහිපයක සිට කි‍්‍රයාත්මක රේගු වැඩවර්ජනය ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

මේ වනවිටත් ආනයනික ද්‍රව්‍ය මුදාහැරීමේ සහ ආනයනික කටයුතු ඇණහිට ඇති බවත් මේ හේතුවෙන් ලබන සතියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් මතුවිය හැකි බවත් එම සංගමය අවධාරණය කළේය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි