පාකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ගිණි අවුලමින් පාකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට ඉන්දීය හමුදාව ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. එසේම මෙම ප්‍රහාර වලින් 300 ට අධික පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් (Jaish-e-Mohammed – JeM) නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීමේ කඳවුරක් බවයි සඳහන් වන්නේ.
මේ අතර පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් (Asif Ghafoor) ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුනේ ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි. කෙසේ වෙතත් ඒ වන විට ඉන්දීය ගුවන් යානා ආපසු පිටත්ව ගොස් ඇති බවයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Indian aircrafts’ intrusion across LOC in Muzafarabad Sector within AJ&K was 3-4 miles.Under forced hasty withdrawal aircrafts released payload which had free fall in open area. No infrastructure got hit, no casualties. Technical details and other important information to follow.
— DG ISPR (@OfficialDGISPR) February 26, 2019
Payload of hastily escaping Indian aircrafts fell in open. pic.twitter.com/8drYtNGMsm
— DG ISPR (@OfficialDGISPR) February 26, 2019


