නවතම පුවත්

ඉන්දියන් සාගර කලාපයේ ආරක්‍ෂක මූලස්ථානය ශ්‍රී ලංකාවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත. මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්