නවතම පුවත්

ඉන්දියානු විදෙස් ලේකම්, ශ්‍රී ලංකාවට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා  මහතා විශේෂ  නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය..

ඒ, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සිදු කළ ආරාධනයකට අනුවයි. ඉන්දියානු විදේශ ලේකම්වරයා ඔක්තෝබර් 5 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

මෙම සංචාරය දෙරට අතර පවතින දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයාද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනය යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්