නවතම පුවත්

ඉන්දියාව හා චීනය අතර උණුසුම් තත්වයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර නැවතවරක්  උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇත .

මේ වනවිට දෙපාර්ශවයම අදාළ දේශසීමා ප්‍රදේශයේ සන්නද්ධ බලය ඉහළ නංවමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ද්‍රම් බගාචි සදහන් කරන්නේ, චීනය නැගෙනහිර ලඩාක් දේශසීමාවේ හමුදා සාමාජිකයන් සහ නව උපකරණ යොදාගෙන සිය හමුදා ශක්තිය වැඩි කරමින් සිටින බවය

ඊට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව ද සිය එම දේශසීමා කලාපයේ හමුදා බලය ඉහළ නංවා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකවරයා සදහන් කර ඇත

දේශසීමාව පිළිබද ඇති එකගතා ඒකපාර්ශ්විකව සහ සියුම් ලෙස බිදදැමීමට චීනය කටයුතු කරන බවත්, එය එහි සාමයට සහ සන්සුන්තාවයට බාධාවක් බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ අදහසවී ඇත

කෙසේවෙතත් චීනය චෝදනා කරන්නේ දේශසීමාවේ මෙම උණුසුම් තත්වයට හේතුව ඉන්දියාව විසින් පවත්වාගෙන යන ඉදිරිගාමී ප්‍රතිපත්තිය සහ නීති විරෝධී දේශසීමා උල්ලංඝනය කිරීම් බවටය.

එහෙත්,මෙම චෝදනා පදනම් විරහිත ඒවා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මතය වී ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්