නවතම පුවත්

ඉන්දියාවට තෙවැනි රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාවේ මන්දගාමී එන්නත්කරණය මේ වනවිට යම් වේගවත් බවක් ලබා තිබුණද, වසර අවසානයේදී පැමිණෙතැයි කියන තෙවැනි රැල්ල අවස්ථාව වනවිට බිලියන 1.3ක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් එන්නත්කරණයට ලක් නොවී තිබීම මෙම අනතුර තීව්‍ර කර තිබේ.

“බොහෝ විට ශීත සෘතුවේ දී, සමහර විට මේ වසරේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල, දීපවාලි උත්සව සමයට පෙර අවදානමට ලක් වූ සියලු දෙනාටම එන්නත් ලබාදෙන බවට සහතික වීම බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා හේතු වෙනවා” වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පැවසීය. බෙංගාලූරු ඉන්දියානු මහජන සෞඛ්‍ය ආයතනයේ සහ කර්ණාටක ප්‍රාන්තයේ ජාතික කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු හා උපදේශකයෙකු වන ඔහු, “ඊළඟ රැල්ල බොහෝ විට පහළ වයස් කාණ්ඩවලට බලපානු ඇති” බවට අනතුරු ඇඟවීය.

තෙවන රැල්ලට ගමන් කළ හැකි විවිධ සාධක ගැන සඳහන් කරමින්, “දැන් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සාධක කිහිපයක් මත එය රඳා පවතිනවා. එන්නත ලබාදුන් පුද්ගලයන්ගේ අනුපාතය, සුපිරි පැතිරීමේ සිදුවීම් සහ සියලු වර්ගවල ජන ඒකරාශීවීම් වැළැක්වීම මෙන්ම, අපට කොතරම් ඉක්මනින් නව ප්‍රභේද හඳුනා ගැනීමට හැකිවේද සහ ඒවා ප්‍රාදේශීය මට්ටමට පමණක් සීමා කළ හැකිද යන්න මතයි” යනුවෙන් වෛද්‍ය බාබු පැවසීය.

ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 114,460ක් වාර්තා කර ඇති අතර, එය මාස දෙකකින් පසුව වාර්තා වූ අඩුම අගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි. එමෙන්ම එරට දෛනික මරණ සංඛ්‍යාවද 2,677ක් දක්වා පහළ අගයක් පෙන්වා තිබේ.

එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවැනි විශාලතම කොවිඩ්-19 ආසාදනය ඉන්දියාවෙන් වාර්තා වූයේ රට තුළ මරණ 346,759ක් සිදුවෙමිනි. විශේෂයෙන්ම එරට තුළ වේගවත් පැතිරීමක් පෙන්වූ ඩෙල්ටා ප්‍රභේදය මහා ව්‍යසනයක් රට තුළ ඇති කළේය.

මේ වනවිට ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා දෙවැනි රැල්ල රටේ ග්‍රාමීය ප්‍රදේශවලට තවදුරටත් පහර දෙමින් තිබීම කණස්සල්ල ඇති කරන තත්ත්වයකි. එනමුදු, නවදිල්ලිය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ආසාදන සැලකිය යුතු ලෙස අඩුවීම නිසා හෙට (07දා) දිනයේ සිට ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමකට ප්‍රාන්ත රජයන් සූදානමින් සිටියි.

ඒ අනුව ඉන්දියාවේ ධනවත්ම හා දෙවැනි රැල්ල තුළ වැඩිම ආසාදනවලට ගොදුරු වී ඇති බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මේ සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සීමා ලිහිල් කිරීම සිදුවන්නේ, පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට දැඩි ලොක්ඩවුන් තත්ත්වයක රැඳී සිටීමෙන් පසුවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි