නවතම පුවත්

ඉන්දියාවට දුන් ජීඑස්පී සහනය ට්‍රම්ප් කපාහරී

අසංක

අසංක

ඉන්දියාවට ලබාදුන් GSP සහනය අත් හිටුවීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

ඒ පිළිබඳ තම තීරණය දැනුම් දෙමින් ට්‍රම්ප් එරට සෙනෙට් සභාවේ සභාපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරියට ලිපියක් යවා තිබේ.

පසුගිය සඳුදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය මෙලෙස දැනුම් දුන් අතර එය ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන් දින 60 කට පසුවයි.

ඉන්දියාව වෙළෙඳ ගනුදෙනුවලදී ඇමරිකාවට සාධාරණ හා සමාන අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසා මෙම තීරණය ගත් බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ඉන්දීය රජය සමග මේ සම්බන්ධයෙන් පසුගිය සමයේ පැවැත්වූ සාකච්ඡා සාර්ථක නොවූ බවද ට්‍රම්ප් පවසා තිබේ.

වෙළෙඳ කටයුතු සහ බදු පැනවීම සම්බන්ධයෙන් චීනය සහ අමරිකාව අතර පසුගිය සමයේ මතභේදයක් නිර්මාණය විය.

එය විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබුණේ වෙළෙඳ යුද්ධයක් ලෙසයි.

GSP සහනය නිසා ඉන්දියාව වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ අමෙරිකාවට අපනයනය කළ හැකි විය.

ඉන්දියානු භාණ්ඩ 3500 කට මෙම බදු සහනය ලැබී තිබුණි.

චීන, ඇමරිකා වෙළෙඳ අර්බුදය විසඳ ගැනීමට තිබියදී ඉන්දියාව සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම විශේෂත්වයකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා