ඉන්දියාවට යන්න ලාංකිකයන්ට යළිත් e-Visa

Picture of අසංක

අසංක

ශ්‍රී ලාංකිකයින්ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) නිකුත් කරන බව ඉන්දියාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතින බවයි.

ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට සහ අයදුම් කිරීමට මෙතැනින් අදාළ වෙබ් අඩවියට පිවිසිය හැකිය.