නවතම පුවත්

ඉන්දියාවෙන්, ඖෂධ ඇතුළු තවත් මානුෂීය ආධාර තොගයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාර දී තිබෙනවා. ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්නයි. 

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කළ බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ. එම වෛද්‍ය සැපයුම් හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල  වෙත ද බෙදා දෙනු ඇති. 

වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද ඉන්දියාව පරිත්‍යාග කර තිබෙනවා. ලංකා ධීවර වරාය සංස්ථාව විසින් ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ප්‍රතිලාභීන්ට බෙදා දීමට නියමිතයි. 

මේ අතර උද්ගතවී ඇති අර්බුදකාරි අවස්ථාවෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා එක්ව ආධාර ලබාදීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එම රටවල් වෙත සිය ස්තූතිය පුදකර තිබෙනවා. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

ටෝකියෝ නුවර දී පැවැත්වෙන කෝඩ් සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්