නවතම පුවත්

ගෝලීය ආර්ථික අවපාතයක් ගැන ලෝක නායකයින් අනතුරු අඟවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා රටවල් රාශියක ආර්ථිකයන් වෙත මේ වනවිට එල්ලවෙමින් පවතින බරපතල ආකාරයේ තර්ජනයන් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ගෝලීය ආර්ථික අවපාතයක් පිළිබඳව , ලෝක නායකයින් බිය පළකර සිටී ,

පසුගියදා ස්විස්ටර්ලන්තයේ දාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට එක්වූ රාජ්‍ය නායකයින් , දේශපාලකයින් හා ව්‍යාපාරික ප්‍රධානීන් , මෙසේ මෙම බරපතල අනතුර පිළිබඳව අනාවැකි පලකලහ.

ඇමෙරිකා, බ්‍රිතාන්‍යය හා යුරෝපා ඇතුලු ලෝකයේ ප්‍රධානතම ආර්ථිකයන් තුල, උද්ධමනය සීග්‍ර ලෙස ඉහල ගොස් තිබීම ගැන මෙහිදී විශේෂ අවධානයක් යොමුකෙරින .

මෙම උද්ධමනය ඉහලයාම හේතුවෙන් ලොව පුරා රටවල පාරිභෝගික විශ්වාසය පළුදු වී ඇති අතර ඒ හරහා ලෝක මූල්‍ය වෙලඳපොලවල් කම්පනයට ලක්වී ඇති බවද ලෝක නායකයින් මෙහිදී අවධාරණය කළහ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම මෙන්ම චීනයේ COVID-19 අගුලු දැමීම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ කඩාවැටීම වේගවත් වෙමින් ඇති බවද ලෝක නායකයින් පෙන්වාදෙ .

How to follow Davos 2022 | World Economic Forum

ලෝක ආර්ථික සමුළුවේ කමිටු සාකච්ජාවට එක්වෙමින් ජර්මානු චාන්සලර් රොබට් හැබේක් මහතා මෙසේ පැවසීය -.

“අපට අවම වශයෙන් අර්බුද හතරකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා ., ඒවා එකිනෙකට සම්බන්ධයි . ඉහළ උද්ධමනය අප ඉදිරියේ ඇති ලොකුම අර්බුදයයි එසේම අපට බලශක්ති අර්බුදයකටද මුහුණදීමට සිදුවෙලා , ආහාර අර්බුදයද අප ඉදිරියේ ඇති විශාල ගැටළුවක් .ඊට අමතරව දේශගුණික අර්බුදයක්ද අප ඉදිරියේ තිබෙනවා . මෙම ගැටලුවලට වෙන වෙනම විසඳුම් සොයන්න බැහැ . ඒවා සියල්ලටම එකවර විසඳුම් සෙවිය යුතුයි .

මෙම ගැටළු කඩිනමින් විසඳා නොගතහොත් එය , ගෝලීය ස්ථාවරත්වය මත දැවැන්ත බලපෑමක් එල්ලකරාවී . ඒ හරහා ගෝලීය අවපාතයකට අපව තල්ලු වේවි .”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය මෙහිදී පැවසුවේ යුද්ධය, දැඩි මූල්‍ය තත්වයන් සහ මිල කම්පන , ආහාර අර්බුදයන් හේතුවෙන් ලෝක ආර්ථිකයේ අනාගතය ‘අඳුරු’ තත්වයක පවතින බවයි .

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva සඳුදා Davos හි කතා කරමින් කියා සිටියේ යුද්ධය, දැඩි මූල්‍ය තත්වයන් සහ මිල කම්පන – විශේෂයෙන් ආහාර සඳහා – ඇය තවමත් අවපාතයක් අපේක්ෂා නොකරන නමුත් මාසයේ සිට ඉදිරි දැක්ම පැහැදිලිවම “අඳුරු” කර ඇති බවයි.

යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ්, පැවසුවේ , උද්ධමනය ඉහලයාම , යුරෝපීය රටවල් රැසක ආර්ථිකයට බලපාන ගැටළුවක් වන බවය . මේ හරහා එම රටවල ජනතාවට ගැටළු හා අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන බවද ඇය පැවසීය.

,කෙසේ වෙතත් උද්ධමනය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට හැකි උපරිම උත්සාහයන් දරන බවද ඇය මෙහිදී පැවසීය .

යුක්රේන අර්බුදයේ ඵලවිපාක යුරෝපයට වඩාත් දැඩි ලෙස දැනෙන නමුත් මේ වනවිට එහි පීඩනය එක්සත් ජනපද ආර්ථිකයටද බරපතල ලෙස දැනී ඇත .

එරට පාරිභෝගික මිල දර්ශකය මාර්තු මාසයේදී අගය 8.5% දක්වා ඉහළ ගිය අතර එය වසර 40 ක කාලසීමාව ඇතුලත වාර්තාවූ ඉහලම අගයයි .

ෆෙඩරල් මහ බැංකුව මේ මස මුලදී එයට ප්‍රතිචාර දැක්වූයේ වසර 22 ක් තුළ එහි විශාලතම අනුපාත ඉහල දැමීම සිදුකරමින්ය .

හාර්වඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥයකු වන ජේසන් ෆර්මන් මහතා මෙම සමුළුවේදී පැවසුවේ මෙම වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් මතුවීමේ අවදානම 15 % ට වඩා වැඩි අගයක පවතින බවයි .

දාවොස් සමුළුව ආවරණය කල ජාත්‍යන්තර මාධ්‍ය බොහොමයක් අවධාරණය කර තිබූයේ ගෝලීය ආර්ථිකයේ අනාගතය අඳුරු හා අපැහැදිලි ස්වරූපයක පවතින බව මෙම සමුළුව හරහා අනාවරණය වූ බවයි ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්