නවතම පුවත්

ඉන්දියාවෙන් කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )
නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සාමාජිකයකු වන වෛද්‍ය ෂෂාන්ක් ජෝෂී එන්.ඩී.ටීවී. පුවත් සේවයට සඳහන් කර ඇත..

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද 240ක් හමු වී ඇති බවත් ඉන් බොහෝමයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත .

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව, කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී .

මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයෙන් ඇතුළු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති නව ප්‍රභේද, කොරෝනා වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා භයානක සහ සම්ප්‍රේෂණය වැඩි එනම් ව්‍යාප්තිය වැඩි ප්‍රභේද යැයි ද ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .

මේ හමු වී ඇති නව ප්‍රභේදවලින් ඇතැම් එවා වයිරසය ආසාදනය වී සිරුරේ ප්‍රතිදේහ සංවර්ධනය වූ අයට ද නැවත වයිරසය ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද එම අංශ සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්