නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් වෛද්‍ය උපකරණ තොගයක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය තවදුරටත් ඉදිරියට ගෙනයමින් අද දින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් වෛද්‍ය අත්වැසුම් තොගයක් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙන ලදී.

කොවිඩ්-19 වෛරසයට මුහුණ දීම සඳහා අසල්වැසි රටවල හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සඳහා ලබාදෙන අන්තර්ජාලය පුහුණු වැඩසටහන්ට සමගාමීව මෙම ආධාර තොගය ඉන්දීය රජය විසින් මෙරටට ලබාදී ඇත.

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා කොවිඩ් වසංගත කළමනාකරණ ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධ අංශයන් පිළිබඳ e-TEC කෙටිකාලීන සජීවී පුහුණු වැඩසටහන් ⁣අන්තර්ජාලය හරහා පවත්වනු ලබයි.

එවැනි පළමු පුහුණු වැඩසටහන, “කොවිඩ්-19 වසංගතය: සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා වළක්වා ගැනීමේ සහ කළමනාකරණ මාර්ගෝපදේශ” යන මැයෙන් රායිපූර්හි All India Institutes of Medical Science විසින් 2020 අප්‍රේල් 17-21 දින දක්වා සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් එකළොස් දෙනෙකුද මේ සඳහා සහභාගී විය. දෙවන අන්තර්ජාල ITEC වැඩසටහන “කොවිඩ්-19 වසංගතය කළමනාකරණය : ඉන්දියාවේ අත්දැකීම සහ මනා පිළිවෙත්” යන මැයෙන් 2020 අප්‍රේල් 27 වන දින සිට 2020 මැයි 1 වන දින දක්වා චාන්ඩිගාර්හි Post Graduate Institute of Medical Education and Research (PGIMER) විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එවැනි පුහුණු පාඨමාලා ඉදිරි දිනවලදීද සංවිධානය කෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්