ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්‍ෂයක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(India News Network) 

ඉන්දියාව අඟහරුවාදා(15) දින ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 100,000ක් තෑගි කළේය.

ශ්‍රී ලංකාවට ක‌ොවිඩ්-19 සහය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දියාව සිය විශේෂ තිළිණයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල බෙදා හැරීම පෙබරවාරි 11 වන දින ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බංග්ලි විසින් ඉන්දීය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට තෑගි වශයෙන් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 100,000ක් භාර දුන් බවයි.

වසංගතය අතරතුර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහය විවිධාකාර වූ අතර අවශ්‍යතා මත පදනම් විය. අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 26කට ආසන්න ප්‍රමාණයක් 2020 අප්‍රේල්-මැයි මාසවලදී තෑගි කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 2021 අගෝස්තු මාසයේදී හදිසි සැපයුමක් සඳහා ප්‍රතිචාර දැක්වීමක් ල‌ෙස ඉන්දීය නෞකා මගින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් (LMO) ලබා දීම සඳහා නැවත ක්‍රියා කරන ල