නවතම පුවත්

දෛනික සංචාරක පැමිණීම් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට දෛනික සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත . මෙම වසරේ පෙබරවාරි 12 වෙනිදා දක්වා වැඩිම සංචාරක පැමිණීම වාර්තාවී ඇත්තේ ඉකුත් සෙනසුරාදා වන අතර  එදින මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,677 කි .

ඉකුත් වසරේ එක්දිනක් තුල මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය දෙසැම්බර් 25 වනදා වාර්තා විය . එදින මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 4,829 ක්.වේ.

මෙම මාසයේ මුල් දින 12 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 39,621 ක් වේ. . දෛනික පැමිණීම් පිළිබද සළකා බැලීමේදි මෙම කාලය තුළ දෛනිකව සංචාරකයන් 3,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා තහවුරු කර තිබෙ.

සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ යුරෝපා රටවලින්. ප්‍රංශය සහ රුසියාව වැනි රටවල ගුවන් සමාගම් මෙරට සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම ඊට එක් හේතුවකි  යුරෝපා රටවල් ආශ්‍රිතව සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා රජය ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ඊට හේතු වි තිබෙ. මේ දිනවල ශීත කාලගුණය සහිත රටවල සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සදහා මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්