නවතම පුවත්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තිළිණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ශක්තියක් ලබා දීමේ තවත් එක් පියවරක් ලෙස නිවාස හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති 4 ක් ශ්‍රී ලංකාවට භාරදීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී, ඉන්දීය විදේශ ලේකම් හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවයි. මේ සඳහා කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වු බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය III වන අදියර යටතේ ප්‍රතිලාභීන් 1235කට නිවාස ලබා දීම සඳහා ‍මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට තිළිණ කෙරිණ.

ඉන්දියානු රුපියල් කෝටි 1372 ක වියදමින් ශ්‍රී ලංකාවේ නිවාස 50,000 ක් ඉදිකිරීම සඳහා ඉන්දියාව සිදු කරන ආධාර ව්‍යාපෘතියේ කොටසක් ලෙස ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමයේ III වන අදියර හැඳින්විය හැක. මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කිරීමට නියමිතය.

ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය III වන අදියර යටතේ නිවාස 4000 ක් ඉදි කිරීමට යෝජිතය. එයින් නිවාස 3500 කට වැඩි ප්‍රමාණයක් නිම කර ඇති අතර නිවාස 400 ක් පමණ ඉදිකිරීමේ කටයුතු සිදු වෙමින් පවති. නිවාස 63 ක වැඩකටයුතු තවමත් ආරම්භ කර නොමැත.

වව්නියාව දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන දෙවන ව්‍යාපෘතිය යි. මෙම ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ක නිවාස 600 ක් ඉදිකිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට ආධාර සපයයි.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 24 ක් ඉදි කෙරෙමින් පවතින මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25 ක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙහි වව්නියා දිස්ත්‍රික් ව්‍යාපෘතිය නිම කර ඇති අතර එය ශ්‍රී ලංකාවට භාර දී අවසන්ය.

වඩමාරච්චි  මධ්‍යම කාන්තා විද්‍යාලය ප්‍රතිසංස්කරණ කටයුත්ත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන තෙවන ව්‍යාපෘතිය යි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියානු රජයේ කැපවීම සමඟ එය සමපාත වන අතර උතුරු පළාතේ පාසල් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාව විසින් රුපියල් මිලියන 250 ක ව්‍යාපෘතියක් ලෙස භාර ගන්නා ලදී.

එයින් පාසල් ගොඩනැගිලි 22 ක් මේ වන විට අවසන් කර භාර දී ඇත. ප්‍රතිසංස්කරණය සඳහා භාර ගත් පාසල් 27 න් එකක් වන වඩමාරච්චි  මධ්‍ය කාන්තා විද්‍යාලය මෙම සංචාරය අතර තුර දැයේ දරුවනට භාර දෙන ලදී.

සිව්වන සහ අවසාන ව්‍යාපෘතිය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ පුසෙල්ලාවේ පිහිටි සරස්වතී මධ්‍ය විද්‍යාලයයි.මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ප්‍රදාන ආධාර යටතේ ඉහළ බලපෑම් සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්