නවතම පුවත්

චීන සංචාරකයින් මිලියනයක් මෙරටට ගෙන්වීමට සැලසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය.

ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත නිල් තල්මසා ඇතුළුව වෙරළ සීමාවේ සිටින තල්මසුන් ප්‍රභේද 26 ඇතුළත් ශ්‍රී ලංකාවේ හරිත සහතිකය පිළිබඳව තානාපතිවරයා සවිස්තරාත්මකව අදහස් දැක්වී ය. තවද, 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබන බවත්, බහුලව භාවිතා කෙරෙන ඇතැම් ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් කරන අතරතුර දී රසායන පොහොර ආනයනය ද නවතා දැමූ බව කොහොන මැතිතුමා අවධාරණය කළේ ය. විශිෂ්ට ඓතිහාසික භූමි, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇතුළුව අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන, නැවුම් සුවඳින් අනූන තේ වතු, කිලෝමීටර ගණන් දිගැති ජනාකීර්ණ නොවූ සුපිරිසිදු වෙරළ තීර පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත සිනා පිරි මුහුණු සහ අසමසම ආගන්තුක සත්කාරය යනාදිය ශ්‍රී ලංකාව සතු සංචාරක ආකර්ෂණවලින් සමහරකි.

චීනයේ මුල් සංචාරක කණ්ඩායම් පහ ඇතුළත සිටින ‘කයිසා ට්‍රැවල් ගෲප්’ ආයතනය ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ අවන්හලේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සත්කාරකත්වය ලබා දුන් අතරතුර, සංචරණ සීමා ඉවත් කළ වහාම ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් මිලියනයක් එවීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවට තානාපතිවරයා හමුවේ සහතික විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්