ඉන්දියාවේ කොරෝනා තත්ත්වය  බරපතළයි 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉන්දියාවෙන් දෛනිකව හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයින්   සංඛ්‍යාව ඊයේ වාර්තාවී ඇත  , ඒ අනුව ඊයේ දින එරටින් වාර්තාවූ ආසාධිතයින් සංඛ්‍යාව 103,793 ක්වේ .
ඉන්දියාවේ දෛනික  ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය වන අතර මෙම ආසාදිතයන්ගෙන් බහුතරයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙ
ඉන්දියාව පුරා ඉතා සීග්‍රයෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබියදී නැවත කොවිඩ් වෛරසය හිස එසවීම හේතුවෙන් ඉන්දීය සෞඛ්‍ය බළධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
මේ හේතුවෙන් යළි නීති දැඩි කිරීමට තීරණය කර තිබෙන අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ දැනටමත් සංචරණ සීමා පනවා තිබෙ. ඒ අනුව සතිඅන්තයේදී සහ රාත්‍රී කාලයේදී ප්‍රාන්තය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර සංචරණ සීමා දැඩි කර තිබෙ
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එකවර ආසාදිතයන් ඉහළ යාම සඳහා හේතු වූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක්ද පත්කර ඇති අතර . ඔවුන් මේ වනවිටත් ප්‍රාන්තය වෙත ගොස් සිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත
ඉන්දියාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් මිලියන 12.6 ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ ප්‍රමාණය 165,132 කි.
ReplyReply AllForwardEdit as new