නවතම පුවත්

ඉන්දියාවේ කොවිඩ් එන්නත් අපනයන ඇණහිටුම  ලංකාවට බාධාවක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතත්  ශ්‍රී ලංකාවට ඉන් බාධාවක් නොවන  බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ , මහාචාර්යය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .
ශ්‍රී ලංකාව විසින් දැනටමත් ඇනවුම් භාර දී අවසන් බැවින් ඉන්දියාවෙන් ඉදිරි සති කිහිපය ඇතුලත තවත් එන්නත් මාත්‍රා ලක්‍ෂ 5ක් ලැබෙනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය
එමෙන්ම දැනට මෙරට  පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමට තරම් එන්නත් තොගයක් රට තුල  පවතින බවද හෙතෙම සඳහන් කර සිටියේය .
මෙරට පුද්ගලයින්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ  කල යුතුව ඇත්තේ ලබන අප්‍රේල් මස 11 දින සිට වන බවත් ඒ අනුව ගැටලුවකින් තොරව මෙරට අදාළ සියලු දෙනාට කලට වේලාවට එම එන්නත් මාත්‍රාව ලබාදීමට හැකිවන බවත් ඒ මහතා පැවසීය .
ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාම නිසා එන්නතට ඇති ඉල්ලුම වැඩි වීම පදනම් කරගෙන මෙම අපනයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සීරම් ආයතනය පියවර ගෙන ඇත .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්