නවතම පුවත්

සූවස් ඇළ හිරවෙයි දිනක පාඩුව  ඩොලර් බිලියන 10ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවී ඇති නිසා දිනකට ඇණහිටිණ පාඩුව ඩොලර් බිලියන 9.6ක් ලෙස ගණන් බලා තිබේ.
මේ හේතුව නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබෙන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .
“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වන අතර . නෞකාවේ කපිතාන්වරයා මාධ්‍ය වෙත  සඳහන් කර ඇත්තේ  ඇතිවූ වැලි කුණාටුවක් හේතුවෙන් නෞකාවේ ඉදිරි දර්ශන පථය අවහිරවීම නිසා මෙම අනතුරට හේතුව වූ බවය.
මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 185ක් පමණ පෙළ ගැසී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවද  වාර්තා වේ.
මේ වන විට සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වේ. මෙම තත්ත්වය සමග ලෝක ඉන්ධන වෙළෙදපළේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවේය යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබේ .
ගෝලීය බහාලුම් නෞකාවලින් සීයයට 30ක් දෛනිකව යාත්‍රා කිරිම් සිදුකරන්නේ සුවස් ඇල හරහා වේම හේතුවෙන් භාණ්ඩ සැපයුම් ජාලයට මේ හරහා බාධා එල්ලවිය හැකි බවට අනුමාන කෙරේ .
එසේම මෙම නෞකාවේ නම , ever given ලෙස ලියාපදිංචි තිබුනද , නෞකා බඳේ පින්තාරු කර ඇත්තේ ever green යන නම වීමද විශේෂත්වයකි .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්