නවතම පුවත්

ඉන්දියාවේ ටික්ටොක් තහනම්

අසංක

අසංක

ඉන්දියාව තුළ ටික්ටොක් ඇතුළු චීන භාවිත මෘදුකාංග හෙවත් apps 59 ක් තහනම් කර තිබේ.

ඒවායින් බොහොමයක් ජනප්‍රිය චීන ඇප්ස් වන TikTok, Shareit, Mi Video Call, Club Factory,WeChat සහ Cam Scanner ආදී apps ය.

ජාතික ආරක්ෂාවට හා ස්වෛරීභාවයට තර්ජනයක් යැයි පවසමින් ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇත.

ඉන්දියාව සහ චීනය අතර දේශ සීමාව තුළ දිගින් දිගටම පවතින අර්බුද මධ්‍යයේ මෙම තහනම පැනවීම කැපී පෙනේ.

මෙම යෙදවුම්වලට පිවිසිය හැකි සියලුම ආකාරයේ ක්‍රම අත්හිටුවීමට ද ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ අතර e-commerce gaming, social media, browsers, instant messaging, file sharing විවිධ යෙදුම් ද ආවරණය කෙරේ.

ජංගම සහ ජංගම නොවන අන්තර්ජාල පහසුකම් සහිත උපාංගවල ඉහත apps භාවිතය තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

එරට වාර්තා පෙන්වාදෙන්නේ තහනම් කරන ලද apps අදාළ app stores වෙතින් ඉවතකරන ලෙස ඉන්දීය රජය ගූගල් සහ ඇපල් සමාගමට උපදෙස් දී ඇති බවයි.

මීට අමතරව, ටෙලිකොම් ක්‍රියාකරුවන්ගෙන් සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් ඔවුන්ගේ ජාලවලින් මෙම යෙදුම් සඳහා ප්‍රවේශ වීම සහ භාවිතය අවහිර කරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇතැයි ද සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්