ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි වඩාත් සුප‍්‍රසිද්ධම වෙරළ තීරය වන මරීනා වෙරළ දින 4ක් තිස්සේ වසා පැතිරීමට පටන් ගත් විෂ සුදු පෙණ රළ එරට තවත් භයානක උවදුරක් පිළිබද අනතුරු අගවන බව එරට සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.
විෂ පෙණ වසා පැතිරුණු මෙම වෙරළ තීරය ඉන්දියාවේ දිගම නාගරික වෙරළ තීරයයි.
එරට වාර්තා පෙන්වාදෙන්නේ මුහුදු රළ සමග වෙරළ වසාගත් මෙම සුදු පැහැ පෙණ විෂ සහිත බැවින් සමෙහි රෝග ආදිය හටගනු ඇති බවයි.
වඩාත් ආකර්ෂණීය වීම නිසා මෙම පෙණ මත නැහැවෙමින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද සෙල්ලම් කරනු දැකිය හැකි වුවද මෙය බරපතළ අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා තිබේ.
මෙම විෂ පෙණ හේතුවෙන් ධීවරයන්ට ද ඒ ආශ‍්‍රිත මුහුදේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස දන්වා ඇත.
එහි වෙසෙන සියගණනක් පවුල් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ අනතුරු ඇගවීම නිසි ලෙස ලැබී නොමැති බවට ද චෝදනා එල්ල වී තිබේ. තමිල්නාඩු පරිසර දූෂණ පාලක මණ්ඩලය පැවසුවේ වෙරළ දිගේ කිලෝමීටර් කිහිපයක් පැතිරී ඇති පෙණ සාම්පල විශ්ලේෂණය කරන බවයි.





