ඉන්දියාවේ බැතිමතුන්ට කොරෝනා දෙවියන් හමූවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් ප්‍රදේශයේ ජනතාව මේ දිනවල “කොරෝනා දේවි” නමින් හඳුන්වන දේවතාවියකට වන්දනාමාන කරන බව එරට මාධ්‍ය වාර්තා කර සිටී

එම ප්‍රදේශයේ දේවාල කිහිපයකම කොරෝනා දේවි නමින්  ප්‍රතිමා පවා නිර්මාණය කර ඇති බවද වාර්තාවේ

කාමාචිපූර් අභිනම් නම්  දේවාලය මේ වනවිට කොරෝනා දේවි වන්දනාව සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එම දේවාලය බාරව සිටින  සිවාලින්ගේෂ්වරර් නම් පූජකවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  ඉන්දීය වැසියන් කොරෝනා වසංගතයෙන් බේරාගැනීම සඳහා පිහිට යැදීමට මෙම පිළිම සකසා පූජාමාන පවත්වන බවය.

මෙම දේවාලයේ ඇති  එක් පිළිමයක් සඳුන් ලීයෙන් ද අනෙක කළුගල් විශේෂයකින්ද නිමවා ඇතැයි දැනගන්නට ලැබී ඇත.

පිළිම ඉදිරිපස මල්, කැවිලි ඇතුළු පූජා භාණ්ඩ තබා, මන්ත්‍ර ජපකරන පූජකවරු, පිළිම කහ වතුරෙන් සහ කිරිවලින් නහවන බවත් ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම වන්දනාමාන කටයුතු සඳහා එක්වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත .

”මේ වයිරසය දෙවි කෙනෙක් බවට පත්කරලා අපි වන්දනාමාන කරන්නේ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන අවම කරන්නැයි අයැදින්නයි. . වෛද්‍යවරුන්ට හෝ සෞඛ්‍ය අංශවලට පවා මේ තත්වයෙන් රට ගොඩගන්න බැරිවුණා. ඒනිසා අපි දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න හිතුවා” යයි  සිවාලින්ගේෂ්වරර්  පූජකවරයා  මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත  පවසා ඇත .