ඉන්දියාවේ ජම්මු කාශ්මීර් දේශසීමාවේ අද පස්වරුවේ භූ කම්පනයක් සිදුව තිබේ.
එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.3ක් ලෙසයි.
අද පස්වරු 4.31ට මෙම භූ කම්පනය සිදුව ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා වී නැත.