පැතුම් වික්‍රමරත්න
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකිරීම පිළිබඳව තම රට කලබලයට පත් නොවන බවත් එය තම රටට තර්ජනයක් ලෙස නොසලකන බවත් චීනය අවධාරණය කර සිටී.
ඉන්දියාව ශ්‍රී ලංකාව තුල ආයෝජනයන් සිදුකිරීම හරහා චීන – ශ්‍රී ලංකා සබඳතාවන්ට කිසිදු හානියක් සිදු නොවන බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෙන්ග් ශුආන්ග් මහතා අද (21 ) පස්වරුවේ බීජින්ග් නුවර පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය ,
චීනය හා ශ්‍රී ලංකාව අතර මේ වනවිට ඉතා ශක්තිමත් ආර්ථික සබඳතාවයක් ගොඩ නැගී ඇති බවත් , වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනය මෝකල යුතුය යන පටු මතයක චීනය නොසිටින බවත් ශුආන්ග් මහතා මෙහිදී පැවසීය