ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් පැමිණි පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ තලෙයිමන්නාරම පියර් මුහුදු තීරයේදී යි.
මොවුන් පොලීසිය වෙත භාරදී ඇති අතර ප්රශ්න කිරීමේ දී හෙළිවී ඇත්තේ මොවුන් යාපනය පදිංචිකරුවන් බවයි.
ඔවුන් අධිකරණයට හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.