නවතම පුවත්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය නැංවීමට පියවර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අතර සාකච්ඡා පවත්වා තිබෙ.

ඒ, අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර අද පැවැති හමුවේදීයි. අරලියගහ මන්දිරයේදී එම හමුව සිදුවිය .

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගත් පියවර එහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

එහිදී අදහස් පළ කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා පැවසුවේ ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන් රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳව ද මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාගේ හා විදේශ ලේකම්වරයාගේ අවධානය යොමුව තිබුණා. රටවල් දෙකෙහිම කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බැවින් නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙම හමුවේදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් අවධාරණය කර ඇත

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්