නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් දෙන බව ජනපති යුරෝපා සංගමයට දන්වයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේදී අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

එහිදී, ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ, කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වනවිටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමඟ එක්වී වැඩකිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයේදී දූත කණ්ඩායම අපේක්ෂා කරනු ලබයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව ද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී, අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබාදී ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින සංශෝධනය කළ යුතු වගන්ති කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය  පවසයි.

මෙහිදී සිය සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කර ගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට ඉඩ ප්‍රස්ථාව හිමිවන බව පෙන්වාදුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද සඳහන් කර ඇත.

එමෙන්ම වර්තමානයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින එකඟතාවන්ට අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසදා ගැනීමට සහ රට ඉදිරියට ගෙනයාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාවේ සිටින පිරිස් සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදී ද තමා සඳහන් කළ බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්