නවතම පුවත්

ඉන්දීය ගොවි අරගලයෙන් 21 මරුට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අදානි ව්‍යාපාර සමූහය ඇතුළු ඉන්දියාවේ මහා පරිමාණ සමාගම්වලට සිය ගොවි බිම් අත්පත් කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි සකසා ඇති නව නීති වෙනස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ගොවි ජනතාව ආරම්රභ කර ඇති අරගලය හේතුවෙන් මේ වනවිට  මියගොස් ඇති ගොවීන්ගේ සංඛ්‍යාව 21 වන බව වාර්තාවේ .

අදානි සමූහ ව්‍යාපාරය ඇතුළු මහා පරිමාණ සමාගම් සිය ව්‍යාපාරික බලය භාවිත කරමින් දුප්පත් ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය ද උදුරාගනු ඇතැයි ගොවීන් බියවීම මේ විරෝධය උත්සන්න වීමට හේතුවක්ව තිබේ.

ඉන්දියාවේ ගොවි විරෝධතා ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වනු ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද  ඊයේ ප්‍රකාශයට පත්කළ අතර රජය යම් කඩිනම් පියවරක් නොගතහොත් ගොවි විරෝධතා හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ඉන්දීය ශේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී ඇත

රජය සමග පවතින සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වීම හමුවේ ඉන්දියාවේ ගොවි ජනතාව අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරත වෙමින් සිටින අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ, විරෝධතාවට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි නියෝජිත කණ්ඩායම් පත්කර රජය සමග සාර්ථක සාකච්ඡා පවත්වා ගැටලු සමනය කර ගන්නා ලෙසය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්