නවතම පුවත්

ඉන්දීය නාවික හමුදාවේ “සර්වේක්ෂක්” නෞකාව කොළඹට පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි සමීප මිත්‍රශීලී සබඳතාහි තවත් කීර්තිමත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ සමීක්ෂණ නෞකාවක් වන INS සර්වේක්ෂක් නෞකාවඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බුදු දහම තිළිණ වූ පොසොන් පොහොය දින ( 24) කොළඹට ළඟා විය.

කොළඹ වරායෙන් පිටත ප්‍රදේශයේ යාත්‍රා කිරීමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කරන ලද නිල ඉල්ලීමක් මත ඉන්දියාව විසින් INS සර්වේක්ෂක් නෞකාව එවන ලදී. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (නාරා), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මෙම ඒකාබද්ධ සමීක්ෂණ කටයුතු සිදු කරනු ඇත. මෙම සමීක්ෂණයේ වැඩිදුර සැලසුම් සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ හමුවක් 2021 ජූනි 25 වන දින පැවැත්විණ. නාරා සභාපති මහාචාර්ය එ්. නවරත්නරාජා, නාරා හි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එච්. එම්. පී. කිත්සිරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් විජේසූරිය යන මහත්වරු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

2021 මැයි 20 වන දින ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1,486ක් තිබූ බව වාර්තා වු අතර සාගර් ආරක්ෂා මෙහෙයුම 2 හි කොටසක් ලෙස මහත් පරිශ්‍රමයකින් සිදු කළ ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රයත්නයකින් අනතුරුව ගින්න නිවීමට පෙර එම බහාලුම් අතරින් විශාල ප්‍රමාණයක් මුහුදට වැටී තිබිණ. නැවෙන් මුහුදට වැටුණු එම බහාලුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වන ධීවර ජනතාවට ද කොළඹ වරාය හරහා සිදු වන සමුද්‍රීය ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාවට ද විශාල තර්ජනයක් සිදු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් වැනි පාර්ශව රැසක් තක්සේරු කර තිබිණ.

මෙම ඒකාබද්ධ සමීක්ෂණ මෙහෙයුම් සාගර් ආරක්ෂා මෙහෙයුම 2 ඉදිරියට ගෙන යමින්, යාත්‍රා කිරීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂාව යළි ස්ථාපනය කිරීමට ද ඉන්දියානු සාගර කලාපය තුළ මෙවන් ඛේදවාචකයන්ගෙන් සිදු වන බලපෑම් අවම කිරීමට කඩිනම් සහය ලබා දීම ඇතුළු දේ සඳහා සහයෝගය ලබා දෙන ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය තහවුරු කිරීමට ද දායක වේ.
***

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්