ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලංකාවේ ධීවරයින්ට දුන් පොරොන්දුව !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන සිය ධීවරයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් පවසා තිබෙනවා. ඒ, ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සිදු කළ සංචාරයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ධීවර අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම ශ්‍රී ලංකා ධීවරයින්ට මෙන්ම සාගර පරිසරයටද දැඩි ලෙස බලපෑම් එල්ල වන බවයි.

පරිසර සංවිධාන හා ධීවර සමූපකාර සමිති මඟින් තමන්ට මෙන්ම තම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු තවත් පාර්ශව කිහිපයකට එරෙහිව අභියාචනාධිකරණයේ මේවනවිටත් නඩුවක් පවරා ඇති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එම සාකච්ඡාවේදී පැවසු බවයි ධීවර අමාත්‍යංශය පැවසුවේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියානු රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් අදාළ ප්‍රාන්ත රජයන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවරයන් ගන්නා බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසූ බවද ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.