නවතම පුවත්

ඉන්දීය සර්වේක්ෂක් නෞකාව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අසල සැතපුම් 800ක් සමීක්ෂණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය නාවික හමුදාවේ ජලමාන සමීක්ෂණ නෞකාවක් වන “INS සර්වේක්ෂක්” නෞකාව කොළඹට ඔබ්බෙන් ප්‍රදේශ තුනක සමීක්ෂණ කටයුතු සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව කොළඹ වරායට ඇතුළු විය.

බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරල් උපුල් ද සිල්වා මහතා විසින් නෞකාව කොළඹ පර්යන්තයේදී පිළිගන්නා ලදී. අනතුරට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයේ සමීක්ෂණයක් සිදු කිරීම සදහා 2021 ජූනි 23 වන දින ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමක් අනුව INS සර්වේක්ෂක් නෞකාව කඩිනමින් ශ්‍රී ලංකාවට එවන ලදී. මෙම ඒකාබද්ධ සමීක්ෂණ මෙහෙයුමට ඉන්දීය නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (නාරා) සහභාගී විය.

මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් 2021 ජූලි 02 වන දින සංවිධානය කර තිබූ අතර ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා  එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම උත්සවයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා  සමීක්ෂණයේ දත්ත පත්‍රිකාව අමාත්‍යතවරයා  වෙත භාර දුන්නේය.


මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා  ශ්‍රී ලංකාවේ ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ඉන්දියානු රජයට සහ විශේෂයෙන්ම ඉන්දීය නාවික හමුදාවට සිය ස්තූතිය පුද කළ අතර කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන ඉන්දියාවේ දැක්ම සම්බන්ධයෙන් කෘතවේදීත්වය පළ කළේය. සමුද්‍රිය ආපදාවන් අවම කරගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවස්ථා ගණනාවකදී සහයෝගයෙන් කටයුතු කර ඇති බව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා  පෙන්වා දුන්නේය.

සාගර් ආරක්ෂා මෙහෙයුම 2 හි කොටසක් ලෙස ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන්ට පෞද්ගලිකව සමුදීමට සහ INS සර්වේක්ෂක් නෞකාව විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයට උපහාරය පළ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා  සිය සතුට පළ කළේය. බටහිර වෙරළ තීරය අවට ජීවත් වන ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපාය නැවතත් ආරම්භ කිරීමට ඉන්දියාවේ සහයෝගය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් ද එමහතා  සිය ඉමහත් සතුට පළ කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, ධීවර අමාත්‍යාංශය් ලේකම් ආර්. එම්. අයි. රත්නායක, ධීවර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රෙසෝම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ සහ නාරා ආයතනයේ සභාපති ඒ. නවරත්නරාජා යන මහත්ම මහත්මීහු ඇතුළු ධීවර දෙපාර්තමේන්තුවේ සහ නාරා ආයතනයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී විය.

අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ මූලික සංවේදක සහ සමීක්ෂණ බෝට්ටු දෙකක් යොදා ගනිමින් INS සර්වේක්ෂක් නෞකාව පැති ස්කෑන් සෝනර් සමීක්ෂණයේ සැතපුම් 807ක් සම්පූර්ණ කළ අතර නොඑසේ නම් මුහුද රළු වීම හේතුවෙන් මෙම සමීක්ෂණ කටයුතු ඔක්කෝබර් මාසයේ මෝසම් කාලයට පසු සමය දක්වා ප්‍රමාද වනු ඇත.

මෙම නෞකාවේ කණ්ඩායම අදාළ දිනයට පෙර මෙම කටයුතු අවසන් කිරීම සඳහා දහවල් කාලය පුරා රැස්කරගත් ගිගාබයිට් ගණනක දත්ත රැය පුරා සැකසූහ. සමීක්ෂණයෙන් පසු මෙම නෞකාව විසින් මුහුද යට තිබූ සුන්බුන් කොටස් 54ක් ද විනාශ වූ නැවේ කොටසක් ද සොයා ගන්නා ලදී. මෙම සමීක්ෂණ දත්ත නාවිකයන්ට සහ ධීවරයන්ට උපදෙස් නිකුත් කිීරීමේ දී ඉතා වැදගත් වනු ඇත. එමෙන්ම යාත්‍රා කිරීමේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සුන්බුන් ඉවත් කිරීමට මෙම දත්ත ගලවාගැනීමේ කණ්ඩායම්වලට ද උපකාරී වනු ඇත.. මෑත කාලීන සමුද්‍රීය අනතුරු වලදී ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබා දීම තුළින් ඉන්දීය සාගර කලාපය තුළ සිදු වන විවිධ අපදාවන් අවම කිරීමට කඩිනම් සහය ලබා දීම සඳහා ඉවහල් වන ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි