නවතම පුවත්

ඉන්දු චීන ගැටුම් පාලනයට දෙරටෙහිම විදේශ ඇමතිවරු එකගතාවයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනය හා ඉන්දියාව අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට ඉඩ නොදී එය පාලනය කිරීමට , දෙරටෙහිම විදේශ අමාත්‍යවරුන් එකගතාවයකට එළඹ ඇත,

දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් ඊයේ (17) පස්වරුවේ සිදුකල දුරකථන සංවාදයකදී මෙම එකඟතාව ඇති කර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී .

කෙසේ වෙතත් මෙම සංවාදයේදී ද ඔවුන් දෙපල දෙපාර්ශවයට එරෙහි විරෝධතාද ඉදිරිපත් කර ඇති අතර . චීන හමුදාව විසින් ඉන්දීය භූමිය තුළ චීන ආධිපත්‍යයක් ගොඩ නැගීමට උත්සාහ කර ඇති බවට ඉන්දීය විදේශ අමාත්‍ය සුබ‍්‍රමන්යම් ජයිශංකර් චෝදනා කර ඇත .

ඊට පිළිතුරු වශයෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප‍්‍රකාශ කර ඇත්තේ පහර දීම ආරම්භ කර ඇත්තේ ඉන්දීය හමුදාව විසින් බවයි. ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය මගින් පුළුල් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කළ යුතු බවත්, එවැනි සිද්ධීන් නැවත සිදු වීම වළක්වා ගැනීම සඳහා ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්වල යෙදීමෙන් වැළකිය යුතු බවත් චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඉන්දු – චීන දේශ සීමාවේ ගැල්වාන් නිම්නයේදී දෙරටේ හමුදා සාමාජිකයින් අතර ඇති වූ ගැටුමෙන් සිදුවූ ජීවිත හානිවලට සහ ප‍්‍රචණ්ඩත්වයට චීනය සම්පූර්ණයෙන් වගකිව යුතු බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එසේම ඉන්දිය රජයට අයත් දුරකථන සන්නිවේදන සමාගමක් වන BSNL සමාගම විසින් සිදුකරනු ලබන 4G තාක්ෂණික සේවා සැපයීමේදී චීනයෙන් ආනයනය කරනු ලබන උපාංග යොදා ගැනීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදී තිබෙ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්