ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක් කරා යාමට ඉඩ නොදී විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
මෙම ගැටුම්කාරී වාතාවරණය කලාපයේ සාමයට විශාල බාධාවක් වනු ඇති බවද ජගත මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා මෙහිදී සඳහන් කර ඇත.
මෙවැනි තත්වයන් හේතුවෙන් දෙරටෙහිම ජනතාවට අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවටද මහලේකම්වරයා අනතුරු අඟවා සිටී.
පැතුම් වික්රමරත්න