ඉන්දු – රුසියානු සබඳතා නව මාවතකට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් සිදුවී තිබේ.

මොස්කව් රුසියානු විදේශ අමාත්‍යංශයේදී එම හමුව සිදුවී ඇත්තේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ රුසියානු සංචාරයට සමගාමීවය.

එහිදී යුක්‍රේන යුද්ධය සහ ගාසා අර්බුදය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ආර්ථිකය, හමුදා, තාක්ෂණික ආදී සහයෝගීතා සහ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව ද විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.