නවතම පුවත්

ලංකාව කොරෝනා මැඬලූවාට අමෙරිකාවෙන් ජනපතිට සුබපැතුම්

අසංක

අසංක

COVID-19 වසංගතයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය සම්භන්ධව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ දින දුරකථනයෙන් අමතා සුභ පැතුම් එක්කර ඇති බව වාර්තාවේ

එසේම මෙහිදී , පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳවද තමා , ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සුබ පතුම් එක් කල බව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් ට්විටර් නිවේදනයක් තබමින් නිවේදනය කර ඇත

, සියලු ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වන අයුරින් නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තිය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳව දෙදෙනා අතර අදහස් හුවමාරු වූ බව එම නිවේදනයේ දැක්වේ .

පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇති අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නද්ධ හමුදා වෘත්තීමයභාවය, ත්‍රස්ත මර්දනය හා නාවුක ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමුකර තිබේ.

ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම හා අනෝන්‍යය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම දෙපාර්ශවය විසින්ම පෙන්නුම් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් අපෙක්ෂා කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්