නවතම පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා ගොඩබිම් මාර්ගය ළඟදීම !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යෝජිත ගොඩබිම් මාර්ගය ඉදිකිරීම කඩිනම් කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමු ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

දෙරට අතර වෙළඳ හා වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී ඇත . මෙම ගොඩබිම් මාර්ගයට සමගාමීව දෙරට අතර මගී නෞකා සේවයද විධිමත් කිරීමට ඉන්දීය රජයේ විශේෂ අවධානය යොමුව ඇත .

මේ අතර දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් හා තලේමන්නාරම අතර ගොඩබිම් මාර්ගය සැකසීමට කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් සන්ටෝෂ් ජා මහතාද පසුගියදා ජනතාව ඉදිරියේ සඳහන් කළේය .

තලෙයිමන්නාරමේදී පැවති හමුවකදී ම ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී මෙම මාර්ගය සම්බන්ධයෙන් අදහස් පල කර ඇති බවත් ඒ අනුව ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව කඩිනමින් ප‍්‍රතිචාර ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවද හෙතෙම එහිදී පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි