නවතම පුවත්

ඉන්ධන බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද දිනයේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එමෙන්ම දිවයිනේ පිරවුම් හල් කිහිපයක් විවෘත කර තැබීමට උපදෙස් දුන් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේෂ්ඨ ප්‍රකාශකයකු මාධ්‍ය කියා සිටියේ.

පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කලා. එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන දිවයිනේ සියලු ප්‍රදේශ වෙත ලබාදීමට ඉදිරි දින දෙක තුළ දී කටයුතු කරන බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුනා.

ඊයේ රාත්‍රිය වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වර්තාකරුවන් පැවසුවේ.

මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනය වනවිට වැටලීම් 67 ක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවා. එහිදී පෙට්‍රල් ලීටර් 5,690 ක්, ඩීසල් ලීටර් 10,115 ක් සහ භූමිතෙල් ලීටර් 5,620 ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්