නවතම පුවත්

ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි විපක්ෂයේ විරෝධතා

අසංක

අසංක

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්‍ෂ අධාරකරුවන් විශාල පිරිසක් මේ වනවිට එරට නගර කිහිපයක වීදි බැස විරෝධතාවයේ නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන , අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවට චෝදනා නගමින් ඇති බවද වාර්තාවේ .

පකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන අතර පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන බව මාධ්‍ය සඳහන් කර ඇත .

ඇය චෝදනා කර ඇත්තේ , රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැන් ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවයි.

තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වල දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනා වේ.

කෙසේ වෙතත් පකිස්තානය කොරෝනා වසංගතයෙන් බරපතල ලෙස පීඩා විඳි රටක් වන අතර පසුගිය මාස කිහිපය තුල එය යම් තරමකට පාලනය කරගැනීමට එරට රජය සමත්විය .

මේවනවිට එරට සමස්ත කොරෝනා අසාධිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 7000 කට ආසන්නව ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්