ඉරානය ආපසු හැරෙන ලකුණු ඇතැයි අමෙරිකාවෙන් ඉඟියක්

Picture of අසංක

අසංක

ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් නොකරන ලෙස ඉරාන රජය එරට සන්නද්ධ කණ්ඩායම් වලට උපදෙස් දී ඇතැයි වාර්තාවන බව ඇමෙරිකානු උප ජනාධිපති මයිකල් පෙන්ස් මහතා ප්‍රකාශ කර සිටී.

මේ බව ඇමෙරිකානු බුද්ධි අංශ තම රජය වෙත දැනුම් දී ඇති බවද ඇමෙරිකානු උප ජනපතිවරයා , ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ අනුව ඉරානය ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර නොගනු ඇති බව එකී බුද්ධි තොරතුරු වාර්තාවන්හි සඳහන් වන බවද පෙන්ස් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම බුද්ධි තොරතුරු පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කර ඇත