නවතම පුවත්

දඩ සහ නීති වලට වඩා වැදගත් යහපත් ආකල්ප සංවර්ධනයයි- ග‌ෝඨාභය රාජපක්ෂ

අසංක

අසංක

තම ආණ්ඩුවක් යටතේ මංතීරු නීති උල්ලංගනය කිරීමට ඒරෙහිව දඩ ගැසීමක් ‌නොව ආකල්පපමය ‌වෙනසක් ඇතිකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද ත්‍රිරෝද රථ රියැදුරන් හමුවේ පැවැසීය.

කොළඹ දී අද පැවැති ත්‍රිරෝද රථ රියැදුරන් සමග ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ පැවැත්වූ හමුවේදී ‌හෙතෙම ‌මේ බව කියාසිටියේ ය. ‌මේ සදහා ත්‍රිරෝද රථ රියැදුරන් 2000ක් පමණ සහභාගි වී සිටියහ.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‌ෙගෝඨාභය රාජපක්ෂ මහතා, ‘රටේ ආර්ථිකයට ඍජුවම බලපාන පිරිසක් ඔබ. ඒ් නිසා සුරක්ෂිත ආර්ථිකයක් හිමිකරගැනීමට හැකි රටක් අප සකසනවා. ත්‍රිරොද රථයෙන් උසස් වාහනයක් මිලදී ගැනීමට රජය සහය ‌වෙනවා. ‌ලෝකයේ වැඩි වශයෙන් භාවිත වන සූර්ය තාප ‌හෙවත් විදුලි ත්‍රිරෝද රථ මිලට ගැනීමට රජය සහය වන බව ම කියන්න කැමතියි. ‘

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‌ෙමෙලෙස අදහස් දැක්වීය.

‘මට කයි ඉස්සර ත්‍රීවිල් ඒක හරි ලස්සනයි. මල් දාලා අරවා දාලා ‌මේවා දාලා ලස්සනට තිබ්බා. දැන්… දැන් නිකම් හරියට ඇටසැකිල්ලක් වගේ. අර ‌මොකක්ද ඒකක් ‌වෙලා ගිහින්. ‌මොකක්ද ‌හේතුව නීතිය. අපේ ආණ්ඩුවක් ආවාම අපි ආයෙත් ලස්සනට ත්‍රිවිල් ඒක ‌ගෙනියන්න ඉඩදෙනවා. ‌ගෝඨාභය කිව්වා මංතීර් නීති උල්ලංගනය කළාම දඩ ගහන ඒක ‌නෙවෙයි කරන්න ඔ්න ආකල්ප ‌වෙනස් කිරීමයි කියලා. මම හරි කැමතියි ඒ්කට. ඔහු ‌තේරුම් අරන් තියෙනවා නීතියෙන් ‌මේවා නතර කරන්න බැරි බව.’

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා හා ත්‍රිරොද රථ රියදුරන් අතර ‌මෙවැනි සංවාදයක් ද ඇතිවිය.

මහින්ද රාජපක්ෂ – දැන් කීයටද ඔයාලට යන්න පුළුවන්?

රියදුරන් – 40 ට

මහින්ද රාජපක්ෂ – කීයට ද යන්න ඔ්නේ? 120 ට… නෑ 50 ට…. ඉතින් අපි හදමු. 50ට යන්න අපි හදමු. හැබැයි පස්සේ 100ට ඔ්නැයි කියලා ඉල්ලන්න එපා ‌හොදේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්