නවතම පුවත්

ඉල්ලා අස්වෙන්නේ නැහැ , ඉදිරි වසර දෙකෙත් ධූරයේ ඉන්නවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තමන්ට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින් මාස ගණනාවක් පුරා පවතින විරෝධතා නොතකා ඉතිරි වසර දෙක තම ධුර කාලය තුළ අවසන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට තුඩු දුන් මූල්‍ය අවුල නිවැරදි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බැවින් නැවත මැතිවරණයකට ඉදිරිපත් නොවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන Bloomberg වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කර සිටින්නේ.

“මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ධුරයෙන් ඉවත්විය නොහැකි” යැයි මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ නිල නිවසේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව සඳහන්.

ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවූ මහජන විරෝධතාවයෙන් පසුව විදේශ මාධ්‍ය සංවිධානයක් සමඟ ඔහු කළ පළමු සම්මුඛ සාකච්ජාව මෙය වනවා.

“අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ” යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රට මුහුණ දී ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රාජ්‍ය සේවකයන් හෝ හමුදාව කප්පාදු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

කෙසේ වුවද රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මීට මාස 06 කට පෙර හෝ වසරකට පෙර ගොස් තිබුණා නම් අද වන විට ඇතිවී තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබු බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්