නවතම පුවත්

‘එරෝෆ්ලොට්’ ගැටළුව අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එරොෆ්ලොට් ගුවන් යානයේ ප්‍රශ්නය අවසන් බවත් මෙරටට පැමිණෙන ගුවන් යානාවලට විවිධාකාරයේ බාධා ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මෙම ගුවන් යානයට රුසියාවට යෑම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනටමත් අවසරදී ඇතැයිද ඔහු පැවසුවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රුසියාවේ ඒරෆ්ලොට් ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබීමෙන් පසු අදහස් දක්වමිනි.

ප්‍රශ්නය මේ ආකාරයට විසඳීම ගැන සතුටුවන බවත් ගුවන් යානය රඳවා තැබීමෙන් මගීන්ට සහ භාණ්ඩ ප්‍රවාහනයට ඇතිවූ අවහිරතාව ගැන කනගාටු වන බවත් අමාත්‍යවරයා කීවේය.

ගුවන් යානය රඳවා තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු යානය නිදහස් කිරීමට එම අධිකරණය නියෝගයක් ලබා දුන් බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී අවශ්‍ය කටයුතු කළ නීතිපතිවරයාට ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්