නවතම පුවත්

ඉල්ලූ පොහොර එපා කිව්වට චීන සමාගමෙන් ලංකාවට ‘තරවටුවක්’

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාව විසින් චීන සමාගමකින් මිලට ගැනීමට සූදනම් වූ කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් ඊයේ (26) දිනය තුළ අදාළ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ කරුණු තරමක සීතල යුද්ධයක ලකුණු පෙන්වීය. ඒ දෙවරක් සාම්පල පරීක්ෂාවෙන් පසු අර්වීනියා නමැති බැක්ටීරියාව ඇති බවට සනාථ වීම හේතුවෙන් ඇනවුම් කළ පොහොර නැව කොළඹ වරායට ඇතුළත් කර නොගෙනම ආපසු හරවා යැවීමට රජය කටයුතු කරමින් සිටියද චීන පොහොර සමාගම නිවේදනයක් මගින් කරන ලද කරුණු දැක්වීමක් හේතුවෙනි. එම නිවේදනය මෙරට චීන තානාපති කාර්යාලය විසින් ද පළකර තිබුණි.

ජාතික ශාක නිරෝධායන මධ්‍යස්ථානය විසින් චීන පොහොර සමාගමේ කාබනික පොහොර නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ. එම පොහොර තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසකි.

මේ  සම්බන්ධයෙන් ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ “ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පෙටිපොළ මහතා දැනුම් දී තිබෙනවා. එම නිසා ඒ නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළු කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිවම මේ වන විට දැනුම් දීලා තියෙනවා.” යනුවෙනි.

මේ අතර සී/ස ලංකා පොහොර සමාගම විසින්  චීන කුවින්ඩාඕ සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් ඊයේ (26) දින තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි. කුවින්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගයේ සඳහන් කර තිබේ. චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීමට ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇත. පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ආචාර්ය චාරුක ඒකනායක, රජයේ අධි නීතිඥ ශෙහාන් සොයිසා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විශ්නේෂ්වරන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි, යන මහත්වරු පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිට තිබේ. ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා ඇත.

මේ අතර චීන කාබනික පොහොර තොගය මෙරටට සැපයූ ක්වින්දාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම ඊයේ (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බවය. ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බව එහි සඳහන් වේ. එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන් ය. එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි. එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

කෙසේවෙතත් මතභේදාත්මක කාබනික පොහොර ශ්‍රී ලංකාවටත් චීනයටත් පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (26) උදෑසන ප්‍රකාශ කර තිබුණේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ චීනයේ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්