උමංග බණ්ඩාර
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු ඊයේ (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,327ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 235,391ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.
අද වාර්තා වී ඇති මරණ වලින් 23ක් කාන්තාවන් වන අතර 32ක් පිරිමින් වෙයි. සියලුම මරණ අවුරුදු 30ට වැඩි අය වෙයි.