ඊශ්‍රායලයේ දී ෆයිසර් ෆේල් වෙයි!

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායලය යනු කොවිඩ් 19 වසංගතයට එරෙහි ලොව ඉහළම එන්නත්කරණ ක්‍රියාවලියකට හිමිකම් කරන රාජ්‍යයකි .

එසේම ඔවුන් තම එන්නත්කරන ක්‍රියාවලියට භාවිතා කලේ , ලොව සාර්ථකම කොවිඩ් එන්නත ලෙස බටහිර මාධ්‍ය විසින් හුවා දක්වන ” ෆයිසර්” එන්නතයි

කෙසේ වෙතත් මේ වනවිට නැවත වරක් ඊශ්‍රායලය තුල වේගයෙන් කොවිඩ් වෛරසය ව්‍යාප්තවෙමින් පවතී . ඒ දිනකට නව ආසාදිතයින් 7000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරමිනි.

ලෝකයේ මේ වනවිට ජගහනයට සාපේක්ෂව ඉහළම කොවිඩ් ආසාදිතයින් අනුපාතයක් වර්තාවන රටක් ලෙසද ඊශ්‍රායලය සැලකේ .

එරට වයස අවුරුදු 12 වැඩි පුරවැසියන්ගෙන් 78% ක ප්‍රමාණයක් මේ වනවිට එන්නත්කරණය අවසන් කර ඇත. කෙසේ වෙතත් එරටින් වාර්තාවන කොරෝනා රෝගීන්ගෙන් අඩක් එන්නත් ලබාගත් අය වීම විශේෂත්වයකි.

මෙම තත්වය මතුවීමට හේතුව පිළිබඳව මේ වනවිට එරට විශේෂඥයින් පිරිසක් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව වාර්තාවේ .