නවතම පුවත්

ඊශ්‍රායලයේ හෑන්ඩ්ෂේක් තහනම් කර නමස්තේ කියයි

අසංක

අසංක

එකිනෙකාට සුභ පැතීමේදී මෙතෙක් තම රටතුල භාවිතාවූ , “අතට අතදීමේ” චාරිත්‍රය වෙනුවට ඉදිරියේදී ඉන්දීය ක්‍රමයට අනුව යමින් “නමස්තේ” යයි කියා දෑත් එක්කොට අචාර කිරීමේ ක්‍රමය භාවිතා කරන ලෙස ඊශ්‍රාලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා සිය ජනතාවගෙන් ඉල්ලා සිටී .

කොරෝනා වෛරසය රට තුල පැතිර යාම පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස මෙම අචාර ක්‍රමය තාවකාලිකව හෝ ක්‍රියාත්මක කරන ලෙසද නෙතන්යාහු මහතා එරට මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලා ඇත.

මෙම මාධ්‍ය හමුවේදී ඉන්දීය ක්‍රමයට අචාර කරන අන්දම නිරූපණය කර පෙන්වීමටද ඊශ්‍රායල අගමැතිවරයා පියවර ගෙන තිබීම කාගේත් විශේෂ අවධායට ලක්විය .

මේ අතර මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක්ම අතට අතදී අචාර ක්‍රමයෙන් හැකිතාක් ඈත් වනලෙස සිය ජනතාවගෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.


සිප වැලඳ ගනිමින් අචාර කිරීමද බොහෝ දුරට ඉවත්කළ යුතු චාරිත්‍ර ක්‍රමයක් වන බව මේ වනවිට ලොව පුරා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්