උඩරට වතුකරය නියගයට අසුවෙයි – ජල උල්පත් පවා හිදිලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල උඩරට වතුකර ප්‍රදේශයන්වලට පවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් වසර ගණනාවකට පසුව ජල උල්පත් , ගංගා , වැව් , දියඇළි හා ජග උල්පත්ද විශාල වශයෙන් සිදී යාම සහ ජලය අඩුවීම මේ වන විට සිදුවෙමින් පවතින බව උඩරට පරිසර සංගම් පවසනවා. 

උඩරට ප්‍රදේශයේ මාස කීපයක සිට පවතින මේ කාලගුණික තත්වය නිසා දැනටමත් ජල උල්පත් ජලාශ ගංගා වැව් ආදියේ ජලය සීග්‍රෙයන් අඩුවෙමින් පවතින බව පරිසර නියෝජිතයෝ පවසනවා. උඩරට ප්‍රදේශයේ වතුකරයන් හී ඇති ජල උල්පත්ද  සිදී ගොස් ඇති අතර ජලාශ වල හා දිය ඇළි වල ජලය වේගයෙන් අඩුවෙන බව පරිසර සංගම් නියෝජිතයෝ පවසනවා.